Pages

Search This Blog

Showing posts with label Wifi. Show all posts
Showing posts with label Wifi. Show all posts

Wednesday, July 23, 2014

What is Wi-Fi and how does it work In Sinhala

wifi ගැන මේ වටිනා වැඩ සටහන ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍යයේ බර්කින්හැම්ෂයර් ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි.

ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක්‍රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇති වන බවයි.එම එලි කිරීම ඕස්සේ සිය ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාව මෙහෙයවූ BBC ය කීවේ වයි-ෆයි සම්බ්ධය ඇති ලැප්ටොප් පරිගණයක් අසල පැතිරෙන සංඥාවල (Signal) බලසම්පන්නකම ජංගම දුරකථන කුළුනක් ළග ඇති සංඥා මෙන් තුන් ගුණයක් බවයි.
මේ ප්‍රවෘත්තිය සමග වයි-ෆයි තාක්ෂණය සෞඛ්‍යයට හොදද - නැද්ද යන්න ගැන සිංවාදය ඉස්මතු වුණේය. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ (Health Protection Agency) සභාපති ශ්‍රීමත් විලියම් ස්ටුවර්ට් කීවේ වයි-ෆයි ගැන නැවත සලනා බැලීමක් අවශ්‍ය බවයි.
ඒ සමගම බ්‍රිතාන්‍යයේ ජංගම සන්නිවේදනය සම සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ (MTHR – Mobile Telecommunications and Health Research) සභාපති මහාචාර්ය ලව්රි චැලිස් කීවේ වයි-ෆයි රවුටරයක් අසල තිබෙන සංඥාවල ප්‍රබලතාව රජයේ සම්මත ප්‍රමිතියට වඩා හයසිය ගුනයකින් දුර්වල බවයි. එනිසා වයි-ෆයි වලට බිය විය යුතු නැති බව ඔහුගේ අදහසයි.

අවසන් වශයෙන් බ්‍රිතාන්‍යෙයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය මේ ගැන තීන්දුවක් දුන්නේය. ඔවුන් කීවේ වයි-ෆයි සංඥා ඇති තැනක යමෙක් අවුරුද්දක් තිස්සේ වාඩි වී සිටින විට සිරුරට අතුළුවන කිරණ ප්‍රමාණය සමාන වන්නේ විනාඩි විස්සක ජංගම දුරකථන සංවාදයකදී සිරුරට අතුළුවන කිරණ ප්‍රමාණය බවයි.

කෙසේ වෙතත් මහජනයාගේ සිතෙහි ඇති වූ බිය තුරන් කරන්නට මේ වැයම සමත්ව නැත.
වයි-ෆයි තාක්ෂණයෙන් රැහැන් රහිත ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නන් විඩියෝ ක්‍රීඩා කරන්නන් වැනි බොහෝ දෙනා මේ ගැන කුතුහලයෙන් සිටින්නේ ඒ නිසාය. වයි-ෆයි (Wi-Fi) යනු (Wireless Fidelity) යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නෙ රැහැන් රහිත ජාලයක් (Wireless Network) හරහා තොරතුරු පතුරුවා හැරීමේ (විකාෂණය කිරීමේ) ප්‍රමිතියයි.

රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකතන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේශණය සදහා තිබිය යුතු මූලික ඕනෑකම් වන්නේ වයර්ලස් රවුටරයකි.
මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසි කාඩ් එකකි.
මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක්‍රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මගින් ඒවා සම්ප්‍රේශණය කරයි.
රැහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉන්පසු ඒවා සාමාන්‍ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධකෙරේ.
මෙසේ ඉන්ටර්නෙට් සමග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවන්නට පුළුවන. එලිමහනක පිහිටුවන්නටත් පුළුවන්, කොහොම නමුත් මේ රවුටරයෙන් තරංග සම්ප්‍රේශණය කරන හා ලබා ගන්නා බල ප්‍රදේශයක් තිබේ. මේ බල ප්‍රදේශයේ ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස් (hotspots) නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට අතුලු විය යුතුය.
වයි-ෆයි හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන, වෝකිටෝකි, රූපවාහිනි යන්ත්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්‍යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන.
වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්මෙන් තාක්ෂනික ප්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics Engineering) නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ 802.11 යන ජාල ප්‍රමිතිය (802.11 Networking Standard) මෙහිදී යෙදා ගැනේ.
මෙයින් මුලින්ම ඉදිරිපත් වූයේ 802.11b නම් ප්‍රමිතියයි. ගිගා හර්ට්ස් (GHz) 2.4ක සංඛයාත පරාසයෙන් දත්ත හුවමාරු කරන මෙහි දී තප්පරයකට මෙගාබයිට් 11ක වේගයෙන් තොරතුරු හුවමාරු කරන්නට පුළුවන. 802.11g ලෙස හදුන්වන ප්‍රමිතිය ඊට පසු ආ ප්‍රමිතිය අනුව ද ගිගාහර්ඩ්ස් 2.4ක සංඛ්‍යාත පරාසයේම දත්ත සම්ප්‍රේශණය කලත් එහි වේගය වැඩිය. එය තප්පරයකට මෙගාබයිට් 54කි.
වයි-ෆයි ජාලයක් වැඩ කරන හැටි
01) වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලි වල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවි කරයි.

02) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය (Source Internet connection) ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.
 
03)
දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හදුනා ගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.

04) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සමග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන.

802.11a
මෙහිදීද මෙගාබයිට් 54ක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි උවත් එහි සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 5 කි.

වයි-ෆයි තාක්ෂණයේ තිබෙන සුවිශේෂත්වය ද මෙතැනදී කිව හැක. එනම් වයි-ෆයි ක්‍රමයෙන් දත්ත සම්ප්‍රේශණය කෙරෙන ගිගාහර්ඩ්ස් 2.4 සහ 5 යන රේඩියෝ තරංග සංඛ්‍යාත පරාසය සදහා බලපත්‍ර ලබාගත යුතු නොවීමයි. මේ නිසා සාමාන්‍ය ගෙදර දොරේ වයි-ෆයි රවුටරයක් පිහිටුවූවත්, ඊටත් වඩා සෙනඟකට සේවය ගන්නට පුළුවන් සේ නගරයක වයි-ෆයි ඇන්ටනා කුළුණක් ඉදි කලත් සංඛ්‍යාත පරාසය වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට බදු ගෙවිය යුතු නැත.

වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට මීට අමතර වශයෙන් තියෙන වාසි ද කිහිපයකි.

01) කේබල් යෙදීමේ අවශ්‍යතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසුය.

02) බොහොමයක් ලැප්ටොප් සමග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.

03) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.

04) මේ වාසිදායක තත්වයන් සහිතව වුවත් වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. එනම්,

05) මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සිදුවේ.

06) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ්‍රෙයන් පිහිටුවන හොට්ස්පොට් එකක් වුවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.

07) වයි-ෆයි ජාලයක රහස්‍ය බව අඩුය. කුමන වයි-ෆයි ජාලයක් නොමිලේ ඇති කාටත් පහසුවෙන් සම්බන්ධවිය හැකි සංඛ්‍යාත පරාසයකින් සම්ප්‍රේශණ කටයුත් කරන නිසා යම් ජාපයකට පිටස්තර කෙනෙකු ඇතුළු වී තොරතුරු සොයා බැලීම පහසුය.

මේ තත්වයන් යටතේ වුවත් වයි-ෆයි තාක්ෂණය හොද අතට දියුණු කරන්නට නොයෙක් උපාය ලොකයා විසින් සොයමින් සිටී. නගර වැසියන් අතරනොමිලේ වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය දීම එවැන්නකි. මෙහිදී මුළු නගරයම ආවරණය වනසේ රවුටර් පද්ධතියක් පිහිටුවයි. සාමාන්‍යයෙන් තිබෙන රවුටරයකට යාබදව ඇති තවත් රවුටරයක් හදුනාගන්නට බැරි වුවත් නාගරික වයි-ෆයි ජාලයකදී එහි ඇති හැම රවුටරයක්ම යාබදව ඇති රවුටර් දෙකක් වත් හදුනාගන්නට පුළුවන්කම තිබේ.

එසේම ඒ හරහා මුළු නගරයේම ඇති රවුටර් සියල්ල එකිනෙකට සමග සම්බන්ධ කෙරේ මෙසේ තැනූ වයි-ෆයි ජාලයකින් (Mesh Network) වැසී ගත් නගරයක ඕනෑම තැනකට යන්නෙකුට කිසි කරදයක් නැතිව සිය ලැප්ටොප් එකෙන් ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වෙන්නට පුළුවන.
ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi-Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය.
මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මොටර් රත එකිනෙකට හදුනාගැනීමට පුළුවන් සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක්‍රියාත්මකයි. යුරෝපීයන් කාර් ටූ කාර් (European Car – 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාධන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි. මෙහීදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට පුළුවන.
වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක්‍රමයක් ෆින් ලන්තයේ ඉකාහෝ (Ekahua) සමාගම හදුන්වා දී තිබෙනවා, මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග් (Battery Powered RFID Tags) වලට ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට පුළුවන. දියුණු රට වල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටන්නේ කොතනදැයි දැන ගැනීම මෙමගින් පහසුය.
මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්‍යාල වයි-ෆයි ජාලවලින් පොහොසත්ය. එවැනි තැනක සිසුන් සිටින්නේ කුනම තැන්වල, කුමන ලෙසද කියා හදිසියකදී මෙමගින් ගැන ගත හැක.

කාර් - ටූ කාර් සන්නිවේදන ක්‍රමය


වාහනවල වේගය, ගමන් කරන දිශාව යනාදිය දැන ගැනීමට වාහනයේ වයි-ෆයි පද්ධතියක් පිහිටුවිය හැකිය.
 දැන් මේ වාහනය ඉදිරියේ ඇති තැනක වදින්නට යනවා නම් ඊට කලින් ඒ බාධකය හදුනා ගෙන එලාම් හඩවා ඒ බව රියදුරාට කියයි.වාහන දෙකක් මුණට මූන හමුවෙන්නට කලින් වයි-ෆයි පද්ධති එකිනෙකාට මුණ ගැසී ඉදිරියට වාහනයක් එන  බව කියයි. මෙසේ ලොකු ප්‍රදේශයක මෙය පැතිරි ඇති නිසා වයි - ෆයි ගොඩක් ප්‍රයෝජනයට ගත හැක.
ලිපිය දිග වැඩිවීම ගැන කණගාටු වන නමුත් සියල්ල කියවීමෙන් ඔබට ලොකු දැනුමක් ලබා ගත හැක.

Sunday, June 30, 2013

check if your wifi is hacked




මේ දවස් වල වැඩියම අහන්න , දකින්න ලැබෙන කතාවක්නේ කොහොමද WiFI හැක් කරන්නේ ? කියල .
ඉතින් WiFi Connection එකක් තියෙන අයට ටිකක් හාර්ට් Attack සිද්දියක් තමයි ඕක කියලා මට හිතුන .
සාමාන්‍ය පරිඝනක භාවිතා කරන්නෙක් උනත් දැන් තියෙන බොහොමයක් මෘදුකාංග යොදාගෙන කොහොමෙන් හරි අල්ලපු එකාගේ WiFi Connection එකට රිංගනවා .

ඉතින් හැමෝටම ඕනේ ආරක්ෂා වෙනන්නනේ .හැබැයි කලින් කියල තියෙඅන්ව වගේ සම්පුර්ණ ආරක්ෂාව කියන කතාව නම් සම්පුර්ණ බොරුවක් . කොහොම Security දැනමත් Wifi වල තියෙන Vulnerability භාවිතයෙන් අපේ කොනේක්සන් එල සලන් වෙන්න පුළුවන් .
ඉතින් අඩුම තරමේ අපි හැක් වෙලාද ? , කවුද භාවිතා කරන්නේ කියලවත් හොයා ගන්න තියෙනවා නම් එකත් හොදයිනේ .
සාමාන්යෙන් මම මේ වගේ පොස්ටුවක් නම් ලියන්නේ නැහැ . මොකද මේකත් නිකම් ෂෙයරින් බ්ලොග් එකක් වගේ වෙන නිසා. එත් මේක වැදගත් නිසාත් මම කලින් පොස්ටුවේ කිව වගේ මම ටික කාලෙකට මගේ අදහස් ලියන එක නවත්තනවා කිව අදහසත් නිසා මේ පොස්ටුව ලියනවා .

අපිට මේකෙදි ඕනේ වෙන්නේ මෘදුකාංගයක් . නම ඇවිත් Wireless Network Watcher


.
මේසොෆ්ට්වෙයා එක රන් කරාම 
IP Address : සම්බන්ද වෙලා තියෙන Device එකේ IP ලිපියන
Device Name : සම්බන්ද වෙලා තියෙන Device එකේ නම (බොහෝ දුරට අනිත්‍ කෙනාගේ නම වගේ )
Mac Address: Mac address එක
Network adapter company:  නෙට්වර්ක් කම්පැනි එක  (e.g:Intel)
Device Information: ඔයාගේ රවුටර් එක සහ ඒදත්ත

ඊට අමතරව තවත් විස්තර පෙන්නනවා . ඉතින් ඔයාගේ කනෙක්ෂන් එකක් කෙල වෙලා නම් WPA or WPA2 for encryption වලින් කනෙක්ෂන් එක හදා ගන්න උත්සහ කරන්න අලුත් මුර පදයකුත් එක්ක .
ඒ සම්බන්දව වෙනම ලියන්නම් එහෙමත් නැති නම් . :)

සුබ දවසක් !

ad hoc windows 8

වින්ඩෝස් 8 හොක් වයි ෆයි


ඉදල ඉදල මමත් ලයිව් රයිටර් එක ගත්ත පොස්ට් එකක් දාන්න බලන්න , ප්‍රදීප් අයියට උවමනා උන නිසා මමත් ටෙස්ට් කොරලම බැලුව .
අයෙමත් බ්ලොගර් වලට පේස්ට් කොරන්න වෙයි වගේ , පර්ම ලින්ක් , මීටා වගේ ඒවා නැහැනේ මේකේ :/

සාමාන්යෙන් වැඩ කරන වෙලාවට මගේ සිස්ටම් වල  හොක් එකක් ගහගෙන වැඩ කරන්නේ ,
ඔන්න ඉතින් කොමෙන් හරි මමත් වින්ඩෝස් ටික 8 වලට අප්ඩේට් කොරගත්තම තමයි දැක්කේ හත් ඉලව්වේ කෝ යස අගේට තිබ්බ Ad-hoc connection එක හදන එක නැහැනේ Network Center එකේ කියල ,

ආ දන්නේ නැති අයව අවුල් කරන්න බැහැනේ , ඒ නිසා


මොකක්ද මේ ඇඩ් හොක් කොනෙක්ෂන් එකක් කියන්නේ ?

කෙටියෙන් හදුනවනවානම් රැහැන් රහිත ජාල තාක්ෂණයේ Ad-Hoc ක්‍රමය මගින් භාහිර උපකරණයකට සම්බන්ද නොවී (වයි ෆයි රවුටර් ) , අදාළ පද්ධති අතර ජාලයක් නිර්මාණය කරගැනීම .
මෙම ජාල වක්‍රය ඇතුලත තියන ඕනෙම රැහැන් රහිත පද්ධතියකට මෙම ක්‍රමයදී Peer to Peer  භාවිතා කරලා සම්බන්ද වෙන්න පුළුවන් .


මල්ටිප්ලේයර් ගේම් එකක් ගහන්න , ෆයිල් ශෙයා කරන්න , වගේ සාමාන්‍ය ජාලයකදී කරන සියලු දේවල් මේකෙදිත් වලංගුයි . 


හරි මාතෘකාවෙන් පිට ගියේ හෙන්ඩුව දීලා අලියා කැලෑවට අතාරින්න බැරි නිසා.

Command Prompt එක දන්නවනේ CMD එක , එක දන්නෙත් නැත්තම්
ඔන්න ඔය Key එක ඔබල , CMD කියල ටයිප් කරාම එන Console එක ,
මේ CMD එක රයිට් ක්ලික් කරලා Run As Administrator ඕපන් කරගන්න



netsh wlan show drivers
කියල ලියල බලන්න cmd එකේ , මේ විදියට එන්න ඕනේ

Hosted Network Supported : Yes කියල තියෙනවා නම් ඔයාට දිගටම වැඩේ කරගෙන යන්න පුළුවන් .
netsh wlan set hostednetwork mode=allow ssid=name key=password

හයිලයිට් කරලා තියෙන name සහ password කියල දෙකට , සාමාන්‍ය විදියට කනෙක්ට් වෙන් භාවිතා කරන නමක් නැහැ හොද මුර පදයක් යොදන්න .




 එක Enter කලාම මේ වගේ එනවා නම් හරි .





ඊළගට තියෙනෙන් ඉතින් හදපු එක ස්ටාර්ට් කොරන්න තමා . එකට


netsh wlan start hostednetwork

පාවිච්චි කරන්න අන්තිමේදී , ඔන්න අද ඉපදුන බබෙක්ට වගේ පින්තුර එක්කම දාල මම O.o , මටත් විකාරයි වගේ

ආ ඉවරයි , මට මම ලියන පොස්ට් වලින් , ඊළගට "මොනවද මේ DOS Attack" සහ "ක්රිප්ටෝග්‍රෆි" පොස්ට් දෙක ලියන්නත් තියෙනවා , ඒ අතරේ මේ වගේ දේකුත් දාන්න එපාය කියල හිතුන .

ආ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කොරා , ඔය ඉන්න ගමන් දකුණු පැත්තේ තියෙන චන්දෙට Vote එකක් දාල යන්න හොදේ 
තව බ්ලොග් එකට වෙනස් කම් ටිකක් කරගෙන කරගෙන යනවා , ඉදල ඉදල මට නම් හිතට අල්ලපු ටෙම්ප්ලේට් එකක් නිසා :D

ආ... ඔන්න ඉතින් .. කෝ කොමෙන්ටුවක් ?

wifi password hack


කොහොමද යාලුවනේ ඔයාලට.ගොඩ දවසකින් මුකුත් දෙන්නත් බැරිඋනා ඔයාලට.ඔන්න අද මම දෙන්නෙ නියම පෝස්ට් එකක්.ඔයාල හැමෝම කැමති ඇතිනෙ Hacking වලට.ඔන්න මම අද දෙන්න හදන්නෙ Hacking එකක්.WIFI Password එකක් හැක් කරන්නෙ කොහොමද කියල තමයි මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ.මම දන්නව අපේ උන් හැකින් එකක් කිවුවොත් නොකා නොබී හරි ඒක කරනව.ෆේස්බුක් ගෲප් කිහිපෙකම අහල තිබුන WiFi හැක් කරන්නෙ කොහොමද කියල.මට පොඩි අප්සට් එකකට තියෙන්නෙ Video එකක් කරල දාන්න බැරි උන එක.මොකෝ අපේ පැත්තෙ WiFi නෑ යාලුවනේ.නමුත් මම මේක 100% සාර්තකව අත්හදා බැලුව ගාල්ල ටෙක් එකේ.ටෙක් එකේ WiFi අපියනකාලෙ ගුරුවරුන්ට විතරයි.ඒ හුකුන් හරියන්නෙ නෑ අපිත් එක්ක.

ඔයාලට WiFi Hack කරන්න මෙන්න මේ ටික ඕන වෙනව.

Compatible Wireless Adapter
Linax BackTrack 5r3 DVD

WiFi තියෙනම් Compatible Wireless Adapter එකක් ඔයාල ගාව තියෙනවනෙ.BackTrack 5r3 නැති කට්ටිය මෙතනින් ගිහින් අරගන්න.Virtuual Machine එකෙන් ඔයාගෙ පරිගනකට ස්තාපනය කරගන්න.ඒකට මම බාවිතා කරේ  VmWare මෘදුකාංගය.

හරි ඔන්න එහෙනම් අපි වඩේට බහිමු.ඔයාල බැක්ට්‍රැක් දාගත්තනේ.දැන්  ඔයාල Shell  Commands එකක් Open කරගන්න.ඒකෙ මේ විදානය දෙන්න.එතකොට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා.



මෙතන පෙන්නන ra0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට  ඔයාලට හැමදේම කියන්නෙ. ඔයාලා ra0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම හොඳේ.

දැන් මේ විදානය දෙන්න.
 

මෙතනදි අපි කරන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න.දැන් මේ විදානය දෙන්න.



දැන් මේ විදානය දෙන්න.



දැන් මේ විදානය දෙන්න.


මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද බලන එක. දැන් මේ විදානය දෙන්න.
  

මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න.මොකද ඉස්සරහට ඕන වෙනව.දැන් මේ විදානය දෙන්න.


මෙතනදි අපිට පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න.. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. දැන් මේ විදානය දෙන්න.

දැන් මේ විදානය දෙන්න.

 


දැන් මේ විදානය දෙන්න.



ඔන්න KEY එක හොයා ගත්ත. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න.





Related Posts Plugin for WordPress, Blogger...