සාමාන්‍යයෙන් අප භාවිතා කරන්නේ අපගේ අන්තර්ජාල සේවා
සපයන්නාගේ DNS සේවායි. නමුත් එය වෙනස් කොට Google, OpenDNS වැනි DNS
Servers භාවිතා කිරීමෙන් අත් වන වාසි රැසක් තිබෙනවා. අන්තර්ජාල සබඳතාවයේ
වේගය පැහැදිළි ලෙසම වැඩි කර ගත හැකි වීම සහ අවහිර කර ඇති වෙබ් අඩවි වලට
පිවිසීමට හැකි වීමද එසේ ලැබෙන වාසි අතර ප්‍රධානයි.
මෙම ලිපියෙන් ඉදිරිපත් කරන මෘදුකාංගය මගින් ඔබගේ පරිගණකයේ DNS ක්ෂණිකව ඔබ කැමති වෙනත් ඕණම DNS සේවාවක් වෙත වෙනස් කර දීමට සමත්.DNS Jumper මෘදුකාංගය පෝටබල් මෘදුකාංගයක් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.
මෙතනින් මෙය ඩවුන්ලෝඩ් (Download Here) කරගන්න.
මෙම ලිපියෙන් ඉදිරිපත් කරන මෘදුකාංගය මගින් ඔබගේ පරිගණකයේ DNS ක්ෂණිකව ඔබ කැමති වෙනත් ඕණම DNS සේවාවක් වෙත වෙනස් කර දීමට සමත්.DNS Jumper මෘදුකාංගය පෝටබල් මෘදුකාංගයක් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.
මෙතනින් මෙය ඩවුන්ලෝඩ් (Download Here) කරගන්න.
ඩවුන්ලෝඩ් වුණ zip
ගොණුව extract කරගන්න. අනතුරුව එහි ඇති DnsJumper.exe ගොණුව ඩබල් ක්ලික් කළ
විට පහත පින්තූරයේ පරුදි මෙම මෘදුකාංගය විවෘත වේවි.
එහි Choose DNS Server ලෙස සඳහන් drop
down මෙනුව ක්ලික් කළ විට ඔබට තෝරාගත හැකි DNS සේවා විශාල ප්‍රමාණයක් දිස්
වනවා. එයින් කැමති එකක් තෝරාගෙන Apply DNS බට්න් එක එබීම මගින් එම DNS
සේවාව ඔබේ පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්.
නමුත් එම ලයිස්තුවේ ඇති සෑම DNS
සේවවක්ම වේගවත් නැහැ. එම නිසා ඔබ සිටින ස්ථානයට හා අන්තර්ජාල සබඳතාවයට
ගැලපෙන පරිදි වේගවත්ම DNS සේවාව තෝරා එය ඔබගේ DNS සර්වරය බවට පත් කර ගැනීම
නුවණට හුරු ක්‍රියාවක්. ඒ සඳහා Fastest DNS බට්න් එක ඔබන්න. ඔබට ලැබුණ
වින්ඩෝවෙන් Find Fastest DNS බට්න් එක ඔබන්න.
එවිට සියලු ප්‍රධාන DNS සේවාවන්
පරීක්ෂා කර බලා ඉහත රූපයේ පරිදි වේගවත්ම DNS සේවාව පෙන්වනවා. Apply Fastest
DNS බට්න් එක මගින් එය පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්. එම කටයුතු
අවසන් වූ පසු මෘදුකාංගය close කළ හැකියි.
Dns Jumper v2.2 Direct Download
Dns Jumper v2.2 Direct Download
No comments:
Post a Comment