Pages

Search This Blog

Sunday, June 30, 2013

How to check if your antivirus is working properly



මේකත් නම් ඕනේ වෙන එකක් මම හිතන්නේ වින්ඩෝස් යුසර් ලට ,
අපි බලන්න යන්නේ අපේ පරිඝනකේ තියෙන වයිරස් ගාර්ඩ් එක හොද එකක්ද , එකට වයිරස් , මැල්වෙයා detect වෙනවද කියල .

මුලින්ම අපි මේකෙදි භාවිතා කරන්නේ පොඩි කෝඩ් එකක් . හැබැයි ඔයාලගේ පරිඝනකයට හානි වෙන ආකාරයේ එකක් නම් නෙමෙයි.
මේ කෝඩ් එක EICAR කියන ආයතනයෙන් "EICAR Standard Anti-Virus Test File" කියල නිකුත් කර පරිඝනකයේ තියෙන AV එක ටෙස්ට් කරන්න හදපු DOS ෆයිල් එකක්.




X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


ඔය උඩ තියෙන කෝඩ් එක කොපි කරගෙන NotePad එකේ සේව් කරන්න   Virus.com    කියල .

ඒ එක්කම වගේ ඔයාගේ AntiVirus Guard ඒකෙන මේ ෆයිල් එක වයිරස් එකක් විදියට Detect කරන්න ඕනේ .

එහෙම නැත්තම් Real Time Protection On කරලද බලන්න .
වයිරස් ගාර්ඩ් එක අප්ඩේට් කරන්න , එහෙමත් අහු වෙන්නේ නැත්තම් හොදම වැඩේ තමයි වයිරස් ගාර්ඩ් එක වෙනස් කරන එක .

අනිත් දේ තමයි , ගොඩක් අය ශෙයා කරනවා ක්‍රැක් කරපු වයිරස් ගාර්ඩ් , එයාල අම්මගේ මුත්තාගේ ඔලුවේ අත තියල දිවුරයි ඒවා Backdoored , Infected නැහැ , කියල .

ඒ අයව විස්වාස වෙන්න පුළුවන් එත් මගේ බ්ලොග් පොස්ට් කියවල තියෙන අය දන්නවා කොච්චර ක්‍රම තියෙනවා කියල පරිඝනයකයට හානි කර වෙන්න පුළුවන් . ඒ නිසා ඉල්ලගෙන කන්නේ නැතිව ෆ්‍රී AV  එකක් දාගන්න එක ඇගට ගුණයි.

ZoneAlarm එක හොදයි දැන් ගොඩක් , මොකට නොමිලයේම සෝන් එලාර්ම් මගින් ඇන්ටි වයිරස් ගාර්ඩ් එකට අමතරව Firewall එකකුත් ලබා දෙන නිසා

අනිත් වැදගත්ම කාරණේ තමයි මම ඉහත දුන්න කෝඩ් එක විදියට හදල ඒ නමින් ප්‍රචාරය කරන පරිඝනකයට හානිකර ඒවත් තියෙනවා ඒ නිසා වෙනත් ඒවා භාවිතයෙන් වැළකෙන්න කියලත් ඉන්නවා .

වෙබ් අඩවිය : http://www.eicar.org/86-0-Intended-use.html

අදහසක් කියලම යනවා නම් වෙනද වගේම වටිනවා         

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...