Pages

Search This Blog

Sunday, June 30, 2013

Internet Error Codes and Meaning


අන්තර්ජාලය භාවිතයේදී එන විවිද එරර් මැසේජ් හා එම එරර් මැසේජ්  වල අදහස ....
400 bad request
මින් අදහස් වන්නේ පරිශීලකයන් ඉල්ලා ඇති වෙබ් අඩවියට අදාළ ලිපිනයේ යම් වරදක් තිබෙන බව හෝ   එම වෙබ් අඩවියට සමාන වෙබ් ලිපිනයක් අන්තර් ජාලය තුල ස්ථාපිත කර නොමැති බවයි...  මෙහිදී ඔබ කලයුත්තේ වෙබ් ලිපින තීරුවේ ඔබ ටයිප් කල ලිපිනයයේහි නිවැරදි තාව තහවුරු කරගැනීමයි (මෙහිදී වෙබ් අඩවියේ ලිපිනයෙහි ඇති ඉලක්කම් සංකේත පිලිබදව සැලකිලිමත් විය යුතුය )
401 unauthorized
මින් අදහස් වන්නේ පරිශීලකයා ඇතුල් විමට උත්සාහ කරන වෙබ් අඩවියට ඇතුල් විමට අවසර නොමැති බවයි ... මෙම වෙබ් අඩවි වලට ඇතුල් විය හැකි වන්නේ පරිශීලකයාගේ තොරතුරු ඇතුලත් කර පසු ලබාදෙන යුසර්නෙම් හා පාස්වර්ඩ් වලිනි 
403 forbidden
මෙයද ඉහත කි හේතුව මතම ඇතිවන දෝෂයකි මෙහිදීද ඔබ කලයුතු වන්නේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමයි 
404 page not found
මෙයින් අදහස් වන්නේ  ඔබ ලබාගැනිමට අවශ වෙබ් පිටුව සම්බන්ද යම් තාක්ෂණික අපහසුතාවයක් සමබන්දවයි මෙහිදී ඔබ පෙර පිටුවට පැමිණ යලි අදාළ පිටුවට පිවිසීම හෝ පිටුව ‍රිෆෙරේෂ් කිරීම හෝ කලයුතුය (මෙයට බලපාන   තාක්ෂණික අපහසුතා වන්නේ වෙබ්අඩවිය තුල ඇතැම් පිටු මකා දමා තිබීම  ලිපින වෙනස් කර තිබීම, වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම වැනි හේතුය ) 
408 request time out
මෙමගින් කියවෙන්නේ වෙබ් ලිපිනය මත ක්ලික් කිරීමේදී ඔබ වෙතින් සිදුවන යම් ප්‍රමාද දෝෂයකි ඇතැම් වෙබ් අඩවි වල ලිපිනයන් ක්ලික් කිරීමේදී යම් කාල පරාසයක් බලපාන අතර එවැනි අවස්ථා වල සිදුවන ප්‍රමාද දෝෂයන් හට ගනී .. මෙහිදී ඔබ කලයුතු වන්නේ එම ලින්ක් එක ක්ෂණිකව ක්ලික් කිරීමයි 
-----------------------------------------------------------------------------------------------------
500 server error
මෙයින් කියවෙන්නේ අන්තර්ජාල සර්වර් වල ඇති යම් යම් දෝෂ නිසාය මේවා බොහොවිට අන්තර්ජාල සේවා සපයන ආයතන පවත්වාගෙන යනු ලබන සර්වර් වල වැරදි නිසා ඇතිවේ මෙහිදී ඔබ කලයුතු වන්නේ අන්තර්ජාලයෙන් මද වෙලාවක් ඉවත්ව සිට නැවත අන්තර්ජාලය සදහා සම්බන්දවිමයි 
502 server overload 
මෙයින් දක්වන්නේ මෙම අවස්ථාව වන විට ඔබ භාවිතා කරනු ලබන වෙබ්අඩවිය පවතින සර්වර්වල කාර්යබහුලත්වය වැඩිවී ඇති බව හා එහි ඉඩ ප්‍රමණයට ඔරොත්තු නොදෙන මට්ට්මේ පිරිසක් එකවර ස්ර්ව්ර්වලට සම්බන්ද වී ඇති බවයි... මෙහිදී ඔබ කලයුතු වන්නේ වෙනත් වෙලාවක එම වෙබ් අඩ්වියට පිවිසීමයි  

503 server unavailable
මින් කියවෙන්නේ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ (Internet_service_provider)සම්බන්දත්වයේ යම් වරදක් හෝ ක්‍රියා විරහිත වීමක් ඇතිව තිබෙන බවයි ඔබගේ අන්තර්ජාල සම්බන්දය නවතා දමා ඇති අවස්ථාවලදීද මෙම පණිවිඩය දිස්වේ ඔබ කලයුතු වන්නේ ඔබට අන්තර්ජාල සේවා සපයන ආයතනයට දැන්වීමයි 
විශේෂ 
මෙහි හතරේ ඉලක්මෙන් ආරම්බ වන එරර් මැසේජ් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ් බ්‍රවුසරය බාවිතය නිසාය . පහේ ඉලක්කමෙන් දැක්වෙන  එරර් මැසේජ් ලැබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සර්වර් වල වරදක් නිසා හෝ අන්තර්ජාල සම්බන්දයෙන් වරදක් නිසා වේ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...