Pages

Search This Blog

Saturday, June 29, 2013

how to create wifi hotspot

ඔන්න Wi-fi  තියෙන අයට ගොඩාක් වැදගත් ලිපියක්.
ලංකාවේ දැන් වයි-ෆයි තාක්ශණය
එතරම් බාවිතා නොවුනත් දැන් දැන් මේ තාක්ශනෙන් වැඩ ගන්න ගොඩක් අය පුරුදුවෙලා තියෙන්වා.යාලුවොත් එක්ක Game play කරන්න.ෆයිල් ලේසියෙන්ම share කරන්න අපිට wi-fi නෙට්වර්ක් එකක් හදා ගන්න වෙනවා.
මේ වැඩේට එක එක සොෆ්ට්වෙයා තියෙනවා.ඒත් මේකට සොෆ්ට්වෙයා නැතුව වින්ඩෝස් os එකෙන්ම අපිට හදා ගන්න පුලුවන්.මේ ඒ ගැනයි !
   
මුලින්ම wi-fi on කරගන්න.
virus guard  එකෙන් exit වෙලා ඉන්න.



  Start එකේ network කියලා search කරන්න.
Network and Sharing Center යන්න.



Wireless Network connection 1ක්  right click කරලා properties යන්න.

Internet Protocol version 4 (TCP/Ipv4) select කරලා Properties button 1 click කරන්න.



මෙතන Use the following IP address ටික් ඒක දාලා IP address වලට 255 ට අඩු ඉලක්කම් 4 ක් දෙන්න.

මෙතන තියෙන්නෙ ඔයාගෙ IP address එක. එතන යට තියෙන්නෙ 255 ඒවා 3ක් නේ. 255 කියන්නෙ 2 පාදයට 1111111 නේ. එතන ඔය උඩ ගහපු IP address එකේ තියන 1, 0 හැම code එකක්ම ඒකට detect කරගන්න පුලුවන්.



මේ කියන බයිලා තේරෙන්නෙ නැත්නම් ගනන් ගන්න එපා. ඒක network එක හදන්න ඕන වෙන්නෙ නෑ. මොනවත් හිතන්නෙ නැතුව OK කරන්න. ඊලගට එන එකත් close කරලා දාන්න.
දැන් එහෙනම් network එක හදමු
setup a new connection or network


යටම තියන  Setup Wireless ad hoc

මෙතනට ඔයාට හදන්න ඕන network එකේ name එකයි password එකයි දෙන්න. 
සැලකිය යුතුයි:
මෙහි ඇති save this network යන්න active කලොත් ඒ network  එක දිගටම පවතින අතර එසේ නොකලහොත් තාවකාලික වශයෙන් (wi-fi off කරන තුරු) network එක පවතී.


දැන් network  එකට අලුත් යාලුවො add කරගමු.
මුලින්ම ඔයාගෙ IP address එකම අන්තිම ඉලක්කම් 3 විතරක් වෙනස් කරලා (අන්තිම අකුර විතරක් වෙනස් කරන්න) යාලුවට එයාගෙ computer එකෙන් හදන්න කියන්න. ex: 10. 8.106. 245 වෙනුවට 10. 8.106.246 
මේකෙ ඔයාලා දෙන්නගෙම settings මේ විදියට තියෙන්න ඕන.


දැන් යාලුවට කියන්න ඔයාගෙ network  එකට connect වෙන්න කියලා.. 

ඔන්න එහෙනම් වැඩේ ගොඩ.බේ අහස් දාන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...