Pages

Search This Blog

Saturday, June 29, 2013

mac address hacking

දෙනදේ ලාවට නොදී ලෙසටම දෙන්න කියල හැමදාම කියවන්න ඕන නැහැනෙ.. ලාවට දුන්නා.. ලාවට ගත්තා..ලාවට තේරුණා.. බැලින්නම් මොනවත්ම දීලත් නෑ... තේරිලත් නෑ.. අනේ මන්දා.. ගුරුමුෂ්ඨිය තියන් දුන්නත් වැරදියි... එහෙම නොදුන්නත් වැරදියි.. ගුරුමුෂ්ඨිය තියන් එක එක රෙද්දවල් ගැන කතාකරන එවුන් අන්තිමේදි ඇදගෙන නානවද..? ඇනගෙන නානවද..? මේ කොයික උනත් ගුරුමුෂ්ඨියනම් එච්චර හොද නෑ.. දන්නෙ එච්චරයි.. ගුරුමුෂිඨිය එන්න කලින්ම සියල්ල දන්නව කියන උණ ඇගට ගහනව.. එපාර හෙන ඔලුව.. මම තමයි වැඩර්... අනේ හුකේ නන්නානේ කිව්වලු...
දැන් කතාව හැකර් කෙනෙක් වෙන්න දගලන්න... අරෙහෙ සොෆ්ට්වෙයා කෑලි තියනව මෙහේ සොෆ්ට්වෙයා කෑලි තියනව දැන් ඉතින් ඒවගෙ තියන වැඩකෑලි දාගෙන IP Address හංගන් හැකර් කෙනෙක් වෙන්න දගලන්නෙ...තියෙන ඇම්මට.. ඇම්ම හොදවෙන්නෙ අතටම මාට්ටු උන දවසට.. IP Address එකක් මාරු කරන්.. proxy server එකක් උඩින් එහේ මෙහේ ගියාට මොකෝ.. ඒකෙන් ගේම් දෙන්න ගියොත් ඇනගන්නෙ අර මොකාද කෙසෙල් ගහට ඇන්න වගේ.. ඇම්ම නිසාම අනින්න යනව ඇම්ම නිසාම කෙළවගන්නව.. ජිල්මාට්ස්ට තියන ඇම්ම නිසාම කියල දෙන්න යනව.. අනේ පවු.. දැන් ජිල්මාට්ස් කියල දෙන්න යන්නෙ ඇම්ම නිසා අනින්නවත්.. ඇම්ම නිසා කෙළවගන්නවත් නෙවෙයි ඈ... ඇම්ම නිසා කෙළවගන්නෙ නැතිව බේරෙන්න..
හැකර් කෙනෙක් වෙන්න තියන උණක මහත කිව්වලු.. හිතුවෙ IP Address එක මාරු කලාම රියල් ගේම් දෙන්න පුලුවන් කියලද..? ඈ... දන්නවද මොන දේ හැංගුවත් ඔයාගෙ ID card එක චෙක් උනොත් නමයි ගමයි විස්තරයි සේරමයි අරවයි මේවයි ඔක්කොම මාට්ටු කියල ඒ වගේ තමයි අපේ කොම්පියුටර් එකටත් Identity Card number එකක් තියනව කියල ඈ.. මෙහෙම කිව්වට තේරෙන එකක් නම් නෑ.. කිව්වොත් ඔයාගෙ MAC Address එක කියල.. මගේ MAC Address එක නෙවෙයි උඹට උඹේ MAC Address එක නෙවෙයි මට.. අපේ MAC Address එක තව කොහේවත් නැහැයි කිව්වොත්.. ඒක අපේම..මගේම එකක් නේද..?
ජිල්මාට්ස් ලෝකෙටම එකයි වගේම උඹේ MAC Address එකත් ලෝකෙටම එකයි කිව්වොත්..? බඩු අතේම මාට්ටුයි නේ..? බැරිද මේකටත් ජිල්මාට් එකක් දීල වෙනස්කරගන්න..? ඇයි බැරි..? තියෙන ඇම්මනේ.. එහෙනම් හොරට ID card හදන එකේ මොකෝ.. MAC Address එකක් වෙනස් කලාම..? ජිල්මාට්ස් ඉතිං  කොහොමත් හොර වැඩවලට කැමති එකානෙ. ඕං එහෙනම් ගුරුමුෂ්ඨි නැතුව දෙන්නයි යන්නෙ... හැකර් කෙනෙක් වෙන්න කලින් හැකර් කෙනෙක් වෙන්න ඉගෙන ගනිමු ඈ...
මොකක්ද මේ MAC Address ..? දන්න සිංහලෙන් කිව්වොත් Media Access Control address කියන එක
කොහෙද මේ MAC Address එක තියෙන්නෙ..? අපේ කම්පියුටර් එකේ තියනවනේ Network card එකක් කියල එකක්... ආං ඒකට තමයි මේ MAC Address එක assign කරන්නෙ ඒක හදන මැනුෆැක්චරර්.. digits 12කින් තමයි මේක නම් වෙන්නෙ..
කොහොමද ඒක බලාගන්නෙ..?
…හරි.. Windowskey + R කියනකොටම දන්නවනේ run එක හරි ඕං ඕකෙ cmd කියල ටයිප් කරමු බලන්න..
දැන් ipconfig /all කියල ටයිප් කරල එන්ටර් කරන්නකෝ..
Ethernet adapter Local Area Connection කියල එකක් ඇති.. ආං ඒකෙ Physical Address කියල ඇති ආං ඒක තමයි මේ MAC එක.. මේක ඔයා ADSL connection එකක් පාවිච්චි කරනවනම් මේ MAC එක වෙනස් කරමු...
…නැත්නම් ඔයා ඩොන්ගල් එකක් නම් PPP Adapter Airtel Prepaid වගේ එකක් ඇති.. ඒක නම් ඒක.. ආ..
හරි ඉන්පස්සෙ start > Control Panel > Network Connections >> Local Area Connection > Properties > General > connect using එකේ තියන නම බලා ගන්නකෝ..මුලින්ම..
…හරි.. ඉන්පස්සෙ ආයෙමත් cmd එකේ මෙහෙම ටයිප් කරල බලන්න net config rdr හරිනෙ දැන් ඇති workstation active on එක යටතෙ NetBT_Tcpip කියල එකක් වරහන් ඇතුළෙ ඔයාගෙ MAC address එකත් ඇති.. මේ NetBT_Tcpip එකත් එක්ක තියන GUID එකයි MAC  වෙනම සුරක්ෂිතව සේව් කරගන්න.
හරි මෙහෙමයි.. හැකර් බයියෙක් නොවී හැකර් කෙනෙක් වීමේ අඩිතාලම..
…windowskey + R > ඉන්පස්සෙ ටයිප් කොළා regedt32 කියල  මතකෙට ගනිං මේක regedit නම් නෙවෙයි ඈ... ප්ස්සෙ චං චුං ගාන්නෙපා මේක නෑ මේක නෑ කියල..
හරි ඉන්පස්සෙ මෙතනින් එතන්ට එතනින් මෙතන්ට ඇවිත් මෙතනින් නතර වෙයන්කෝ...
HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control > Class > {4D36E972-E325-11CE-BFC1-08002BE10318}
…හරි මෙතන ඉදන් පොඩි සෙවිල්ලක් තියෙන්නෙ.. සෙවිල්ල ඉතිං කැසිල්ලට නේ.. හැකර් කෙනෙක් වෙන්න..නිකම්යැ..
ඔතන පහලට එන්නකෝ... ඇති 0000 , 0001, 0002 , 0003 වගේ ෆෝල්ඩර් සෙටාර් එකක් ඈ.. ආං ඒ එකක  තියනවද බලන්න NetCfgInstanceID: REG_SZ: එකට ඔයා අර වෙනම තැනක සේව් කරගත්තු GUID එකයි... NetworkAddress: REG_SZ:  එකට ඔයාගෙ MAC Address එකයි දෙකම
හරි..හම්බුනානේ.. එහෙනම් දැන් ඉතින් ඕං ඕක වෙනස් කරමු ඈ.. NetworkAddress එක උඩ ඩබල් ක්ලික් ඈ... දැන් ඉතිං කැමති විදියට අකුරුයි ඉලක්කමුයි 12ක් එන විදියට MAC Address එකක් හදාගන්නයි තියෙන්නෙ ඈ.. ඉන්පස්සෙ ඉතින් restart පාරක් දාල ගේමට බහින එකයි තියෙන්නෙ ඕං .. මාට්ටු  නොවී ගේම් දෙනවනම් ඔන්න ක්‍රොමේ..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...