Pages

Search This Blog

Saturday, June 29, 2013

Data Recovery Software

මොකද්ද මේ ෆයිල් රිකවර් කරනවා කියන්නේ.ඇයි ෆයිල් රිකවර් කරන්න ඕන වෙන්නේ? කොහොමද මේක කරන්නේ ?

අපි හැමෝම දන්නවා අපි වින්ඩෝස් වලදී මොකක් හරි ෆයිල් එකක් Delete කී ඒක ප්‍රෙස් කරලා ඩිලීට් කරලා දැම්මම ඒක යන්නේ Recycle Bin එකට මොකද අපිට වැරදිලාවත් ඒක ආපහු ගන්න ඕන උනොත් කියල.

නමුත් Shift + Delete කී දෙකම ප්‍රෙස් කරලා මොකක් හරි ෆයිල් එකක් ඩිලීට් කරොත් ඒක සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා යනවා Recycle Bin එකට යන්නේ නැහැ.


නමුත් වැරදිලාවත් මේ ෆයිල් ඒක ඕන එකක් උනොත් ? නැත්නම් පස්සේ හරි ඕන උනොත් ? කරගන්න දෙයක් නැති වෙනවනේ. අන්න ඒ නිසා තමයි මේ රිකවරි මෘදුකාංග හදල තියෙන්නේ ? නමුත් මේ ගොල්ලෝ කොහොමද මේ ඩිලීට් වෙච්ච ෆයිල් ආපහු ගෙනත් දෙන්නේ ? 

ඇත්තම කියනවනම් අපි Shift + Delete ගහල ඩිලීට් කරාට මේ ෆයිල් ඒක ඔයාලගේ කොම්පියුටර් එකෙන් මැකෙන්නේ නැහැ.වෙන්නේ මෙහෙයුම් පද්දතියේ මේ ෆයිල් එකත් එක්ක ගොඩනගල තිබ්බ සම්බන්ධතාවය අහෝසි කරලා දාන ඒක.නමුත් ෆයිල් ඒක තියෙනවා.හිස් ඉඩකුත් පෙන්නනවා.ඔයාල පස්සේ මොනවහරි කොම්පියුටරේට දැම්මොත් ඔන්න අර ඩිලීට් කරපු ෆයිල් ඒක මකල දාල ඒ ඉඩ අරගෙන අර ඔයාල අලුතින් ගෙනාපු ෆයිල් ටික දානවා.එතකොට තමයි අර ෆයිල් ඒක මැකෙන්නේ.

ඉතින් මේ රිකවරි සොෆ්ට්වෙයා වලින් කරන්නේ මෙන්න මේක තමයි.එය කරන්නේ අර ඉතුරු වෙච්ච ෆයිල් ඒක අරගෙන අපිට දෙනවා.නමුත් ඒක උඩින් තව මොනවහරි ඔයාල දාල තිබුනොත් මෙවයිනුත් ආපහු ගන්න බැරිවෙන වෙලාවල් තියෙනවා.ඒක නිසා තමයි ඔයාල මාසෙකට විතර කලින් ඩිලීට් කරපු ෆයිල් එහෙම ආපහු ගන්න බැරි.

එහෙනම් මෙන්න  පහල ලින්කුවෙන් Recuva ඒක ඩවුන්ලෝඩ් කරගන්න.මේක නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්.ෆයිල් සයිස් ඒක 2 MB විතර වගේ. මේක හදල තියෙන්නේ PiriForm කියන සමාගමෙන්.
මුලින්ම එහෙනම් මෙන්න සොෆ්ට්වෙයා එක බා ගන්න.

එහෙනම් සොෆ්ට්වෙයා ඒක බාගෙන ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරහම මුලින්ම මෙන්න මෙහෙම එකක් එයි.මේකේ ඔය Do not Show this wizard On Startup කියන ඒක උඩ ක්ලික් කරලා Cancel බට්න් ඒක ඔබන්න.

දැන් ඔන්න මෙහෙම එකක් එයි.මේක තමයි Main වින්ඩෝ ඒක.


දැන් අපි බලමු කොහොමද මේකෙන් රිකවර් කරන්නේ කියල.මුලින්ම ඔයාලට රිකවර් කරගන්න ඕන ෆයිල් ඒක තිබුන පාටිෂන් ඒක ඔය වම පැත්තේ උඩින් තියෙන දිග ඩ්‍රොප් ඩවුන් බොක්ස් එකෙන් තෝරාගන්න.ඊට පස්සේ ඔය ඊට මෙහායින් තියෙන Scan බොත්තම ඔබන්න.


ඔන්න ලොකුවටම දැම්ම.දැන් ඔන්න ඔයාලට පේනවා ඇති Search Results ලැබිල තියෙනවා.මේ හැම එකකටම මෙහා පැත්තෙන් රතු, කහ , හෝ කොළ පාට බෝලයක් තියෙනවා. සහ චෙක් බොක්ස් එකක්. මේ 
  • රතු පාටින් කියන්නේ ඒ ෆයිල් ඒක රිකවර් කරන්න බෑ. කියන ඒක. එහෙමත් නැත්නම් මේක රිකවර් කරත් වැඩ කරන එකක් නෑ කියන ඒක.


  • කහ පාටින් කියන්නේ ෂුවර් නැති ෆයිල් මේවා රිකවර් කරන්න පුළුවන් වෙන්නත් පුලවන්.බැරිවෙන්නත් පුළුවන්.නැත්නම් රිකවර් කරහම වැඩ කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්.

  • කොළ පාටින් කියන්නේ කිසිම අවුලක් නැතුව රිකවර් කරගන්නත් කිසි අවුලක් නැතුව වැඩත් කරන ෆයිල්.
දැන් ඉතින් කරන්න තියෙන්නේ ඔයාලට ඕන ෆයිල් වල චෙක් බොක්ස් උඩ ක්ලික් කරලා සිලෙක්ට් කරලා ඔය දකුණු පැත්තේ යට තියෙන රිකවර් කියන බොත්තම උඩ ක්ලික් කරන ඒක. එතකොට සේව් කරන්න තැනක් අහයි. 

මේ වෙලාවේදී මේ ෆයිල් ඒක තිබුන තැනම දෙන්න එපා.වෙන තැනක දෙන්න.ඒ මොකද කියල කියන්න ඕන නෑනේ.පෝස්ට් ඒක මුල ඉඳල බැලුවනම් එහෙම කිව්වේ ඇයි කියල තේරෙනවා.

අපි හිතමු ඔයාල හෙව්ව ෆයිල් ඒක මේකේ Search Results වලට ආවේ නැහැ කියල.එහෙනම් ඔයාලට පුළුවන් ටිකක් වැඩි පුර හොයල බලන්න කියල මෙයාට කියන්න.ඒක කරන්නේ මෙහෙමයි.

දකුණු පැත්තේ උඩ තියෙන මේ Options කියන බොත්තම ක්ලික් කරන්න.


එතකොට එයි පොඩි වින්ඩෝ කෑල්ලක් එකේ තියෙන මේ Actions කියන ටැබ් ඒක උඩ ක්ලික් කරන්න.


එකේ යට තියෙන මේ Deep Scan කියන තැන ටික් ඒක දාල ඕකේ කරන්න ඊට පස්සේ ආපහු ස්කෑන් පාරක් දාල බලන්න ටිකක් වෙලා යයි කලින්ට වැඩිය. නමුත් සමහර විට ෆයිල් ඒක අහු වෙන්න ඉඩ තියෙනවා.


ඔන්න එහෙනම් වැඩේ හරි.වැදගත් වුනා නම් කොමන්ට්ස් එකක් දාන්න :)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...