Pages

Search This Blog

Saturday, June 29, 2013

How do I change my IP address?

නෑ මගෙ වස්තුවේ මම ඔයාට රිදවන්නෙ නැහැ. ඔයයි මගේ ජීවිතේම.. මේ වෙනකම් හැම අස්සකම අතගානකම් ඔයා මාදිහා ආදරෙන් බලන් හිටියා.. ඒ ඔයා මාව විශ්වාස කරනනිසා.. මම ඔයාගෙ හැම අස්සකටම අත දාල සොයන්නෙ අපේ ආදරේ වැඩිකරගන්න.. ඔයා මමත් එක්ක මේ විදියට ආදරෙන් බැදෙනකොට මගේ ආශාව වැඩිවෙන්නෙ තවත් ගැඹුරට අතදාල තව තව දේවල් සොයල ඒව ඇතුළෙ තියෙන දේවල් දකින්න.. වෙන්නෙ මොනවද කියල බලන්න.. සමහර වෙලාවට ඔයා ගොඩක් නපුරුවෙන වෙලාවලුත් තිබුණ.. ඒත් මම ඔයාව ටෙස්ට් කරන්න වෙනම කාමරයක් අරන් තිබුණ හින්ද ඔයා මාව අතහැරල ගියේ නෑ... ඒ මම ඔයාට ගොඩක් ආදරේ කරනව..ඔයාව හොදින් තියාගන්න ඕන හින්ද තමයි කියල ඔයා දන්න නිසා.. වෙනම වෙන්කරපු කාමරේකට රිංගල අපි දෙන්න එක එක පරීක්ෂණ කරල ඒව සාර්ථක උනාම මම ඔයාව එළියට අරන් ඔයාගෙ ඇත්ත ජීවිතේට ඒව්ව මෙව්ව කරනව.. ඒ දැන් භයක් නැතිහින්ද.. ඔයාගෙ මේ ආදර කොල්ලට පිට කොල්ලො කෙල්ලො ආදරේට කියන්නෙ ජිල්මාට්ස් කියල.. ඒ මම ඔයාගෙ හැම අස්සකටම අතදාල ඒවගෙන් වෙච්ච දේවල් රසකර කර කියලදෙන නිසා... මම ඔයාට ගොඩක් ළං වෙනව වගේ  ඒ අයියල අක්කලටත් මම ඔයාට ආදරේ කරනව වගේ එයාලත් එයාලගෙ කොම්පියුටර් වලට ආදරේ කරනව.. හැබැයි සමහර අයියල අක්කල සොෆ්ට්වෙයා නැතුව කරන්න පුලුවන් දේවලුත් සොෆ්ට්වෙයා ඔබාගෙන කරන්න ගිහ්න් ඇනගන්නව..
…මම ඔයත් එක්ක එකතුවෙලා හොරෙන් කීතැනකට ඉන්ටනෙට් එකෙන් රිංගුවද එඩ්‍රස් එකට බොරු එකක් දීල. මතකද එදා දවසක් අපි දෙන්න එකතුවෙලා අතිශයින්ම පොඩිහිටියන්ට තහනම් පොට් එකකට රිංගුව හරියට වැඩිහිටියො දෙන්නෙක් වගේ... මේ අයියල අක්කලත් මීට කලින් ip changer ද මොනවද නමක් කියාගෙන එක එක එව්ව ඩවුන්ලෝඩ් කරගෙන අහුමුලුවල රිංගල කොම්පියුටර් එකත් ස්ලෝ කරගෙනලු.. ඒ හින්ද මම මේ කස්ටියටත් කියල දීල එන්නම් අපි දෙන්න කොහොමද ip address එක වෙනස් කරගෙන අහුමුලුවලට රිංගුවෙ කියල..
…ශරි මගේ යාලුවනේ... එහෙනම් අපි සොෆ්ට්වෙයා දාගෙන ඇනගන්නවට වඩා... පුංචිම පුංචි සෙල්ලමක් දාල ip address එක වෙනස් කරමු...
…1. Windowskey + R >දැන් "cmd" කියල ටයිප් කරන්නකෝ...

2.  ඊළගට එන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ මෙහෙම ටයිප් කරන්න  netsh interface ip show config     දැන් (එහෙමත් නැත්නම් ipconfig /all ) පෙනෙයි ඔයාගෙ IP Address එක
DHCP enabled:        No
IP Address:              192.168.1.148
SubnetMask:            255.255.255.0
Default Gateway:      192.168.1.1
 
(මේක මගේ... මම දැන් මේක වෙනස් කරන්නයි යන්නෙ... බලන්න ඔයාගෙ එක මොකක්ද කියල ) 

3. හරි එහෙනම් දැන් වෙනස් කරමු කොටන්න මෙන්න මෙහෙම


netsh interface ip set address name="Local Area Connection" 
static 192.168.1.193 255.255.255.0 192.168.1.1 1
මේක කරගන්නත් සොෆ්ට්වෙයා ඕනද...? අනේමන්දා... මම නම් ඕං වෙනස් කළා... ඕං ඔහොමයි අපි දෙන්න අනං මනං සයිට්ස් වලට ip change කරල රිංගුවෙ.. හික්ස්..

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...