Pages

Search This Blog

Sunday, June 30, 2013

How to Clear/Flush DNS




DNS Flush කරන එක ගැන දාන්න හිතාගෙන පොස්ට් එක පටන් ගත්තත් DNS ගැන පැහැදිලි කිරීමක් එක්කම පටන් ගන්න එක හොදයි කියල හිතුන

අන්තර්ජාලයේ අපි Surf කරන විට එන අවුලක් තමයි හිටි ගමන් 404 page not found එරර් එකක් එන එක .
සාමාන්යෙන් වැඩ කරන වෙබ් පිටුවලත් .අපි වෙබ් පිටු වල යද්දී ස්ලෝ වීම අවම කරගැනීමට  Cache කරගනවා අපේ වෙබ් බ්‍රවුසර් එක මගින් . එහෙමත් නැත්තම් සේව් (Save) කර ගැනීමක් කරනවා .





මොනවද මේ DNS කියන්නේ - What is DNS

Domain Name System වල ආරම්බය 1983 Paul Mockapetris දී විසින් සොයා ගන්නවා.
ඩොමේන් නේම් සිස්ටම් (Domain Name System - DNS) කියන්නේ ඩේටබේස් (Database) සිස්ටම් එකක් . මේකෙන් භාෂාත්මක සංකේත පරිවර්තනය කරනවා IP Address . මේ ක්‍රමය මගින් ලෙහෙසියෙන්ම IP Address එකකට වඩා එයට අදාල නම මතක තියාගන්න පහසු වෙන ආකාරයට තමයි හදලා තියෙන්නේ

උදා : www.google .com කියන අඩවියේ හරි ලිපිනය වෙන්නේ 74.125.236.192 කියන එකයි . අපි Google.com කියල වෙබ් බ්‍රවුසර් එකේ භාවිතා කලත්  74.125.236.192 එන්නේ එකම වෙබ් පිටුවමයි .



වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේදී DNS Clear / flush කරන්නේ මෙහෙමයි 
මුලින්ම ඔයාලගේ Open කරලා තියෙන වෙබ් බ්‍රවුසර් සහ අනෙකුත් Application Close කරගන්න

මීලගට පරිඝනකයේ CMD (Command Prompt ) එක Open කරගන්න
Start වලට ගිහින් cmd යනුවෙන් ටයිප් කරන්න
XP වලදී නම් Run කමාන්ඩ් එකක් විදියට දෙන්න

දැන් ipconfig /flushdns යනුවෙන් ටයිප් කරන්න
 
දැන් අපිට msg එකක් එයි
Successfully flushed the DNS Resolver Cache
කියල

මෙහෙම  ආවම අපේ පරිඝනකයේ සේව් වෙලා තියෙන වැරදි DNS entries Delete වෙයි .


අපිට බලා ගන්න පුලවන් අපිට භාවිතා වන DNS Cache මේ කමාන්ඩ් එක භාවිතයෙන්
ipconfig /displaydns






Disable DNS Caching


DNS Flush කරන එකෙන් හැම වෙලාවේම වැඩ කරන්නේ නැති නම් එහෙමත් නැත් නම් හැම වෙලාවකම DNS Clear කරන්න වෙනවා නම් අපිට පුළුවන් මේ වැඩේ වින්ඩෝස් වලදී Client Side dns caching  නවත්තන්න .

මේ සදහා ඔයාගේ CMD එක (Command Prompt ) Open කරලා 

net stop dnscache
එහෙමත් නැත්තම්
sc servername stop dnscache
 ලබා දෙන්න . දැන් මේ ක්‍රමයේදී ඔයාගේ පරිඝනකය ඊලග සැරේ boot වෙනකම් DNS Caching Disable වෙනවා . නමුත් ඔයාට දකින්න ලැබෙයි සර්විස් එක Stop කරාම නම් ඔයාගේපරිඝනකයේ අන්තර්ජාල භාවිතය ටිකක් ස්ලෝ වග .

 මේක සම්පුර්ණයෙන්ම Disable කරන්න උවමනාවක් අවොත් කරන්න තියෙන්නේ අයෙමත් CMD එකේ
services.msc
 කියල ටයිප් කරන්නයි , දැන් එක වින්ඩෝ එකෙන් DNS Client යන්න තෝරලා එක Right Click කරලා
Stop විධානය ලබා දෙන්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...